පටන් ගනී Lecture එක අට වෙද්දී
නැහැ තේරෙන්නෙ කිසිවක් ඔහු කියවද්දී
Slide මාරු වෙයි නෙත් බොදවී යද්දී
ඉවරයි Lecture එක නින්දෙන් ඇහෙරෙද්දී
Report,Assignment හිස මත වැටිලා
කවි හීනේ මගේ කොහේදෝ සැගවීලා
මා පිය සොහොයුරන් මාගෙන් දුරස් වෙලා
ඒ සැමදෙනටම මා පිට කෙනෙක් වෙලා
Sumbit දිනෙත් හෙමිහිට ලං වෙද්දී
නැහැ නිදියන්නේ නින්දෙන් නෙත් බර වෙද්දී
A/L කාලේ දැනගත්තා නම් මේ සිද්දි
අම්මප එන්නෙ නෑ Campus මේ වෙද්දී

Ammapa aththa bn...
ReplyDeleteDan thamay therenne....😆😆
Lassni maduwo
ReplyDeleteKiyla wedak ne bn
ReplyDelete