![]() |
| NJ |
පොඩි කාලේ අපි දෙන්නා
අත් දෙකෙන් අල්ලගෙන
අම්ම ළග හුරතලෙන් නැලවුන
හැටි නුබට මතක ද
ඉතින්
පොඩි කමට නුබ එදා
සැර දාල හිත රිදිලා
අඩනකොට මමත් නුබ එක්ක
අඩපු හැටි නුබට මතක ද
ඉතින්
පොඩි කාලේ සාරි පොට
ඇගේ දවටගෙන නුබත්
හීන මැව්වේ දිනක
ඇඳුරු තුමියක් වෙන්න
කාලයක් ඉක්මනට
ගෙවී ගිය අරුමය
නුබ ඉතින් හැඩවෙලා
මල් වැටුණු සාරියට













