Friday, January 26, 2018

සැබෑ වූ සිහිනය


NJ
පොඩි කාලේ අපි දෙන්නා
අත් දෙකෙන් අල්ලගෙන
අම්ම ළග හුරතලෙන් නැලවුන
හැටි නුබට මතක ද
ඉතින්
පොඩි කමට නුබ එදා
සැර දාල හිත රිදිලා
අඩනකොට මමත් නුබ එක්ක
අඩපු  හැටි නුබට මතක ද
ඉතින්
පොඩි කාලේ සාරි පොට
ඇගේ දවටගෙන නුබත්
හීන මැව්වේ දිනක
ඇඳුරු තුමියක්  වෙන්න
කාලයක් ඉක්මනට
ගෙවී ගිය අරුමය
නුබ ඉතින් හැඩවෙලා
මල් වැටුණු  සාරියට




Tuesday, January 23, 2018

(නො)ලද ප්‍රේමය

ඇය නිසා  ඔබේ දැවුණු හදවත
දැක එදා මා ඔබේ හද තුළ
මිතු දමේ සිනහා කැළුම් මැද
හැකි වුණා ඔබෙ දුක් නසන්නට
එදා ඈ ගැන උපන් ආලය
මෙදා ඔබ තවත් ලඳකට
සොරා ගන්නට හැකි වුණා සඳ
ඔබෙ හදේ දුක් නිවූ මා අද
එදා විලසින් අදත් ඔබෙ ළඟ
ඔබේ මුව හසරැල් දකින්නට
බලා ඉන්නෙමි හෙටත් ඔබ ළඟ
                      - අයේෂා-

Monday, January 22, 2018

පොඩි අයියා මගේ...


ඉන්නවා මටත්
මගේම කියා අයියෙක්
මියුරු ස්වරයෙන්
අමතන්නට
මගේ සුදු අයියේ කියා ...
අයියා එක්කල
රණ්ඩු කරපු
අයියගේ පොත් ඉරා
ගේපුරා අඩමින් දුවපු
අතීතයක් තියෙනවා මටත්
අමතක නොවන .....
පතමි මතුභවෙත් 
අයියගේම නංගී වෙලා
ජීවිතය නොබියව
ගෙවන්නට ......

Thursday, January 18, 2018

අහිමි නුබ.....

ඉඩෝරය ඇති බිමක
වසන්තය ගෙන එන්න
ළඟ හිටිය මගෙ මැණික
හොරු ගත්තේ කවුරුන්ද....

ළය මඩළේ ගුලි වෙලා
වස්සානේ හඳ දිහා
බලාවුන් හැටි නුබට
අමතකද සුදු මණික......

නිදි වැරුව නෙතු පියන
කඳුළකින් තෙත් කෙරුව
හිරු සඳුත් ගිල ගත්ත
නුබ කොහෙද මට කියන්....

නුබට සිතුනොත් දිනක
මා ලඟට ලංවෙන්න
බලා ඉන්නම් මමත්
සංසාරේ කෙළවරක .....

Tuesday, January 16, 2018

අප්පච්චී.......

දස මසක් කුස නොදැරුවාට
ලේ කිරි කර නොපෙව්වාට
මා වෙනුවෙන් හෙලු දහඩිය
දනිමි මගේ අප්පච්චී........
මා හුරතල් නොකෙරුවාට
රස කර කවි නොගැයුවාට
මගේ සතුට දැක හිනහෙන
ආදර මගෙ අප්පච්චී........
නිරතුරු මා දිරි වඩමින්
හෙවනැල්ලක් වී නිරතුරු  
මතු ඉපදෙන හැම සසරෙම
වෙන්න මගේ අප්පච්චී........

Sunday, January 14, 2018

නැගණිය මාගේ.........



ඇයි ද මගේ සුදු නංගි
ඔරවාගෙන ඔහොම
සුදු අක්ක විහිලූවට
සමච්චල් කරාටද......
පුංචි ඇස් රතුවෙලා
දෙකම්පුල් තෙත්වෙලා
සිනහවක් නැතිවෙලා
නෙළුම ඇත පරවෙලා....
සමවෙනු මැන පමා
නැත වරද කිසිම දා
එන්න සොයුරිය කරා
ඔබ මගේ පන නිසා.....



Wednesday, January 10, 2018

මියදුණු ප්‍රේමය

එපා කියපු හැමදේම කරන්නට නිදහස තිබුනත්
එපා කියන්න කව්රුත්  ළග නැති දාට
වැඩක් නෑ ඒ නිදහසෙන් කොහොමත්
හිතුවක්කාරියක් වෙලා බැනුම් අහන්නට
දඟකාරියක් වෙලා දඩුවම් විදින්නට
උපාසිකාවක් වෙලා දැහැනට සමවදින්නට
මේ මොනවත් කොහිද නුබ ළග නැතුවාම
සංසාරේ කරපු පව් හුඟක් වැඩි ඇති
මේ වගේ හමුවෙලා වෙන් වෙන්න
ඒත් හැමදාම වගේ පුරුද්දට
මන් තාම ලියනවා මියදිච්ච ප්‍රේමයට



වෙසඟනක් නොවේ මම

දෙපා රිදෙනකම්
තුරුළු කරන් නුබ
ජිවිතේ සෙව්වා මම
මතකද නුබට .......
එරුණු කිරි මදිවෙලා
මුදල් නැතිවම අතේ
මහා කකුල් ළග මමත්
වැඳ වැටුණ හැටි
මතකද නුබට.........
හරි පුදුම ජිවිතේ
වැරදුනා එක තැනක
ලෝකයේ වරද කිම
වෙසඟනක් නොවේ මම .... 

Monday, January 8, 2018

කවිය මම


කැම්පස් ජීවිතය

පටන් ගනී Lecture එක අට වෙද්දී
නැහැ තේරෙන්නෙ කිසිවක් ඔහු කියවද්දී
Slide මාරු වෙයි නෙත් බොදවී යද්දී
ඉවරයි Lecture එක නින්දෙන් ඇහෙරෙද්දී

Report,Assignment හිස මත වැටිලා
කවි හීනේ මගේ කොහේදෝ සැගවීලා
මා  පිය සොහොයුරන් මාගෙන් දුරස් වෙලා
ඒ සැමදෙනටම මා පිට කෙනෙක් වෙලා

Sumbit දිනෙත් හෙමිහිට ලං වෙද්දී
නැහැ නිදියන්නේ නින්දෙන් නෙත් බර වෙද්දී
A/L කාලේ දැනගත්තා නම් මේ සිද්දි
අම්මප එන්නෙ නෑ Campus මේ වෙද්දී


විරහව






පස් වසක් ගෙවෙනවා

එත් නුඹ නෑ තවම.......

පුංචි ඇස් පියෙනවා

රැයක් මට නෑ ගෙවෙන.......

අද එයීද හෙට එයිද

නොදනී මම තවම........

දිනක් එයි නුදුරේදීම

ඔබ නෙතු ළඟ රැදෙන..........








මගේ අක්කා

සෙනහසට උපමා කිම නුබ තරම් මට පොඩිකමට ගහන්න ඇති රිදෙනකම් හැමතිස්සේ රිදුනාද ලොකු අක්කේ ආදරෙයි මම නුබට......... ටිකක් නුබ සැර වුනත්...