Tuesday, January 23, 2018

(නො)ලද ප්‍රේමය

ඇය නිසා  ඔබේ දැවුණු හදවත
දැක එදා මා ඔබේ හද තුළ
මිතු දමේ සිනහා කැළුම් මැද
හැකි වුණා ඔබෙ දුක් නසන්නට
එදා ඈ ගැන උපන් ආලය
මෙදා ඔබ තවත් ලඳකට
සොරා ගන්නට හැකි වුණා සඳ
ඔබෙ හදේ දුක් නිවූ මා අද
එදා විලසින් අදත් ඔබෙ ළඟ
ඔබේ මුව හසරැල් දකින්නට
බලා ඉන්නෙමි හෙටත් ඔබ ළඟ
                      - අයේෂා-

5 comments:

මගේ අක්කා

සෙනහසට උපමා කිම නුබ තරම් මට පොඩිකමට ගහන්න ඇති රිදෙනකම් හැමතිස්සේ රිදුනාද ලොකු අක්කේ ආදරෙයි මම නුබට......... ටිකක් නුබ සැර වුනත්...