Tuesday, February 6, 2018

මගේ අක්කා

සෙනහසට උපමා කිම
නුබ තරම් මට
පොඩිකමට ගහන්න ඇති
රිදෙනකම් හැමතිස්සේ
රිදුනාද ලොකු අක්කේ
ආදරෙයි මම නුබට.........
ටිකක් නුබ සැර වුනත්
නුබේ නිතර මහා ගොඩක්
ආදරේ තිබුණ බව
මට දැනුනේ  නුබ උකුලේ
නැලවෙද්දී උණුසුමට
චුටි අක්කේ නුබට
ආදරෙයි මම තාම.......
පොඩ්ඩි ඔය කරන දේ
හරි නෑ කිය කියා
අතින් අල්ලාගෙන මගේ
නුබ දුන්නු අවවාද
අද වගේ මතකයි මට
හිච්චි අක්කේ ඒ මතක
හරිම සුන්දරයි මට........
බඩ පිස්සි මම උනත්
මට දෙවැනි නොවුණු නුබ
මා එකක හැමවෙලේ
ගෙර විල්ල විතරමයි
ආදරේ වැඩි කමට
තුරුළු කරගෙන මාව
පරිස්සම් කරගත්තේ
පොඩි අක්කේ නුබ තමයි....
කුලකුමරියන් විලස
අතීතේ නුබලා ගිහින්
දිනෙක ආයෙත් හනික
ඇවිත් යනවද ඉතින්
ආසයි අයෙමත් මට
හුරුතලෙන් දැවටෙන්න  
අක්කේ  නුබලා එක්ක
 

3 comments:

මගේ අක්කා

සෙනහසට උපමා කිම නුබ තරම් මට පොඩිකමට ගහන්න ඇති රිදෙනකම් හැමතිස්සේ රිදුනාද ලොකු අක්කේ ආදරෙයි මම නුබට......... ටිකක් නුබ සැර වුනත්...