Thursday, January 18, 2018

අහිමි නුබ.....

ඉඩෝරය ඇති බිමක
වසන්තය ගෙන එන්න
ළඟ හිටිය මගෙ මැණික
හොරු ගත්තේ කවුරුන්ද....

ළය මඩළේ ගුලි වෙලා
වස්සානේ හඳ දිහා
බලාවුන් හැටි නුබට
අමතකද සුදු මණික......

නිදි වැරුව නෙතු පියන
කඳුළකින් තෙත් කෙරුව
හිරු සඳුත් ගිල ගත්ත
නුබ කොහෙද මට කියන්....

නුබට සිතුනොත් දිනක
මා ලඟට ලංවෙන්න
බලා ඉන්නම් මමත්
සංසාරේ කෙළවරක .....

3 comments:

  1. Ane Madu mama eakata godak godak godak kamathiy...
    Langa hitiya mage manika...
    Amathakada sudu manika.....

    ReplyDelete
  2. ha mata denne therune pav mage yasha..

    ReplyDelete

මගේ අක්කා

සෙනහසට උපමා කිම නුබ තරම් මට පොඩිකමට ගහන්න ඇති රිදෙනකම් හැමතිස්සේ රිදුනාද ලොකු අක්කේ ආදරෙයි මම නුබට......... ටිකක් නුබ සැර වුනත්...