එපා කියපු හැමදේම කරන්නට නිදහස තිබුනත්
එපා කියන්න කව්රුත් ළග නැති දාට
වැඩක් නෑ ඒ නිදහසෙන් කොහොමත්
හිතුවක්කාරියක් වෙලා බැනුම් අහන්නට
දඟකාරියක් වෙලා දඩුවම් විදින්නට
උපාසිකාවක් වෙලා දැහැනට සමවදින්නට
මේ මොනවත් කොහිද නුබ ළග නැතුවාම
සංසාරේ කරපු පව් හුඟක් වැඩි ඇති
මේ වගේ හමුවෙලා වෙන් වෙන්න
ඒත් හැමදාම වගේ පුරුද්දට
මන් තාම ලියනවා මියදිච්ච ප්‍රේමයට

Viyakunu premeth genenne wedanawaknm
ReplyDeleteThevimen palak netha kawadath
Nice idea...
ReplyDeleteEka nan super
ReplyDeleteලස්සනයි
ReplyDelete