Tuesday, January 16, 2018

අප්පච්චී.......

දස මසක් කුස නොදැරුවාට
ලේ කිරි කර නොපෙව්වාට
මා වෙනුවෙන් හෙලු දහඩිය
දනිමි මගේ අප්පච්චී........
මා හුරතල් නොකෙරුවාට
රස කර කවි නොගැයුවාට
මගේ සතුට දැක හිනහෙන
ආදර මගෙ අප්පච්චී........
නිරතුරු මා දිරි වඩමින්
හෙවනැල්ලක් වී නිරතුරු  
මතු ඉපදෙන හැම සසරෙම
වෙන්න මගේ අප්පච්චී........

2 comments:

මගේ අක්කා

සෙනහසට උපමා කිම නුබ තරම් මට පොඩිකමට ගහන්න ඇති රිදෙනකම් හැමතිස්සේ රිදුනාද ලොකු අක්කේ ආදරෙයි මම නුබට......... ටිකක් නුබ සැර වුනත්...