Friday, January 26, 2018

සැබෑ වූ සිහිනය


NJ
පොඩි කාලේ අපි දෙන්නා
අත් දෙකෙන් අල්ලගෙන
අම්ම ළග හුරතලෙන් නැලවුන
හැටි නුබට මතක ද
ඉතින්
පොඩි කමට නුබ එදා
සැර දාල හිත රිදිලා
අඩනකොට මමත් නුබ එක්ක
අඩපු  හැටි නුබට මතක ද
ඉතින්
පොඩි කාලේ සාරි පොට
ඇගේ දවටගෙන නුබත්
හීන මැව්වේ දිනක
ඇඳුරු තුමියක්  වෙන්න
කාලයක් ඉක්මනට
ගෙවී ගිය අරුමය
නුබ ඉතින් හැඩවෙලා
මල් වැටුණු  සාරියට




6 comments:

මගේ අක්කා

සෙනහසට උපමා කිම නුබ තරම් මට පොඩිකමට ගහන්න ඇති රිදෙනකම් හැමතිස්සේ රිදුනාද ලොකු අක්කේ ආදරෙයි මම නුබට......... ටිකක් නුබ සැර වුනත්...